දකුණු පළාත් සභා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ඒ යටතේ පවතින ආයතනවලට, දකුණු පලාතේ පළාත් පාලන ආයතනවලයට, දකුණු පලාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අදාළව ප්‍රධාන ලේකම් වෙත යොමු වන විගණන විමසුම්වලට පිළිතුරු සැපයීම, එම ආයතන වෙත ඍජුව යොමු වන විගණන විමසුම්වලට පිළිතුරු සැපයීම්ට එම ආයතන පෙළඹවීම, දකුණු පලාත් රාජ්‍ය නිලධාරීන් විසින් ඉල්ලා සිටින විවිධ දීමනා / ගාස්තු සඳහා අනුමැතිය ලබා දීම/ අනුමැතිය ලබා ගැනීම, මධ්‍ය රජයේ දීමනා චක්‍ර ලේඛ පළාත් සබාවට අදාළ කර ගැනීම, පළාත් සබා ගැසට් නිවේදන රජයේ ගැසට් පත්‍ර යේ පල කිරීම, මු.රී.58 ප්‍රකාර අලාභ හානි පොත්වලින් කපා හැරීම, කෙටුම්පත් විගණකාධිපති වාර්තාව, ත්‍රෛවාර්ෂික විගණන වාර්තාව හා සම්පිණ්ඩන විගණන වාර්තාවට පිළිතුරු සැපයීම සහ වාහන මිල දී ගැනීමට භාණ්ඩාගාර අනුමැතිය ලබා ගැනීම
අපගේ දැක්ම |
අපගේ දැක්මමූල්ය විනයක් සහිත දකුණු පළාතක් නිර්මාණය කිරීම සඳහා ආධාර සැපයීම |
අපගේ මෙහෙවර |
අපගේ මෙහෙවරදකුණු පළාත් සභාව යටතේ පිහිටුවා ඇති අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල නිසි ක්‍රියාකාරීත්වය උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, මූල්‍ය නියාමනය සහ උපදේශන සේවා සැපයීම. |
අපගේ අගයන් |
අපගේ අගයන්සාධාරණීකරණය, කාර්යක්ෂමතාව, ඵලදායීතාව, විනිවිදභාවය, ප්‍රතිචාර දැක්වීම, සන්නිවේදනය, ක්‍රියාකාරීත්වය |
විගණන විමසුම්වලට පිළිතුරු සැපයීම හා අනෙකුත් අදාළ පාර්ශ්ව වෙත ඒ සඳහා පෙළඹවීම් කිරීම
පළාත් රාජ්‍ය නිලධාරීන්ට දිගුකාලීනව ගෙවනු ලබන විවිධ දීමනා හා ගාස්තු සඳහා අනුමැතිය ලබා දීමේ කටයුතු
පළාත් සභා නිවේදන රජයේ ගැසට් පත්‍රයේ පල කිරීම්
පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවට පිළිතුරු වාර්තා ඉදිරිපත් කිරීම
මධ්‍ය රජය විසින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ දකුණු පළාත් සභාවට අදාළ කර ගැනීම
දකුණු පළාත් මුදල් රීති සංශෝධනය හා අර්ථකථනය කිරීම
මු.රී.58 ප්‍රකාර අලාභ හානි පොත්වලින් කපා හැරීම
පළාත් සභා නිවේදන රජයේ ගැසට් පත්‍රයේ පල කිරීම් - සති 03
ප්‍රසම්පාදන කමිටු පත් කිරීම - දින 03
විවිධ දීමනා සඳහා අනුමැතිය ලබා දීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා (ගරු ආණ්ඩුකාරවර වෙත යොමු කළ යුතු ලේඛන සම්පූර්ණ කර ඇත්නම්) - සති 02
වාර්ෂික විගණකාධිපති වාර්තාවට පිළිතුරු සැපයීම - සති 02